Tuesday, July 15, 2014

2014 ලෝක කුසලාන ශූරයෝ ජර්මනියට - ජර්මනියේ හරසර

අද ජර්මනියට පැමීණි ලෝක කුසලාන ශූරයන් පිළිගත්තේ මහත් හරසරින්!














ජර්මන් ජනතාව අද ජර්මනියට පැමීණි ලෝක කුසලාන ශූරයන් පිළිගත්තේ මහත් හරසරින්! ලෝක කුසලානය දිනු මොහොතේ සිට මේ දක්වා ජර්මනියේ නොනවතින සැණකෙලියක්! ජර්මනිය අවසාන වතාවට ලෝක කුසලානය ජයග්‍රහණය කලේ 1990 ආජන්ටීනාව පරාද කරමින්.


ඉතාලියේ පැවති ආජන්ටීනා සහ බටහිර ජර්මනිය අවසාන තරඟයෙේදී වර්ථමාන ඇමරිකා පුහුණුකරු ජර්මන් ජාතික ජර්ජන් ක්ලින්ස්මන් දරුණු ලෙස වැට්ටවීම නිසා 65 විනාඩියේදී ආජන්ටීනාවේ පෙඩ්රෝ මොන්සන් රතු පතක් දී ඉවත් කරන ලදි. 83 වන විනාඩියේදී දඬුවම් පහරක් ලබා ජර්මනිය ජය ගත්තේය. එදා ආජන්ටීනා නායකයා දියාගෝ මැරඩෝනාය.





No comments: