
"මෙසීගේ ඉතිහාසය සලකා බලන විට, ඔහු පාපන්දු ක්‍රීඩාවට මහත් සේවයක් කර තිබෙනවා. ඔහු දිනා තිබෙන සම්මාන අතරට ලෝක කුසලානයත් එකතු කරන්න මා ඔහු වෙනුවෙන් ජයගෝෂා කරනවා. ඔහු මගේ මිතුරා! මගේ කණ්ඩායම් සගයා! මම ඔහුට සුභ ප්‍රාර්ථානා කරනවා"


නේමාගේ අනතුර ගැන විමසුවිට ඔහු කියා සිටියේ "මට සුනිගා කථා කර එය ඔහු හිතා මතා කල දෙයක් නොවන බව කියා කණගාටුව ප්‍රකාශ කලා! මම ඔහුගේ කණගාටුව බාර ගන්නවා, නමුත් ඒක සාමන්‍ය ක්‍රියාවක් කියා මට පිළිගන්න බෑ"
"මට ඒක හිතලා කලාද නැද්ද කියා කියන්නත් බෑ, ඕනෑ කෙනෙක් දන්නවා එය සාමාන්‍ය සිදුවීමක් නොවේ කියලා!"
ඔහු මගේ පසුපසින් ආවේ! මට එහෙම මාව ආරක්‍ෂා කරගන්න බෑ! මම දෙවියන්ට ස්තූති කරනවා මාව බේරීම ගැන. තව අඟලක් වෙනස් උනානම්, මම සදාකාලික අංශභාගී රෝගියෙක් වෙන්න තිබුණා"

ජර්මනියට 7-1ක් ලෙස බ්‍රසීලය පරාජය වීම ගැන විමසූ විට නේමා කීවේ " සිදුවූ දේ විසඳිය නොහැකි ගැටළුවක්! නමුත් 6-0, 7-0 වෙලාත් බ්‍රසීලය අත හැරියේ නෑ, දෙවන භාගයේ අප හොඳින් ක්‍රීඩා කලා! මම බ්‍රසීලියානුවෙක් වීම ගැන ලැජ්ජාවක් නෑ, මගේ කණ්ඩායමේ හැම දෙනා ගැනත් මට ආඩම්බරයි! "
නේමා හැඬු කඳුලින් කීවා! නේමාට පූර්ණ සුවය ලැබීමට සති 6ක් යන බව වෛද්‍යවරයන් කියන්නේ.
No comments:
Post a Comment