තරඟයේ සංඛ්‍යාන
නෙදර්ලන්තය : ආජන්ටීනාව
ප්‍රහාර 7 : 8
ඉලක්ක ප්‍රහාර 3: 5
නීති කැඩීම් 15: 10
බෝලය තබාගැනීම 54% : 46%
කෝණ 4:4
රැකගැනීම් 4 : 2
ඕෆ් සයිඩ් 4 : 4
තරඟය පුරාම මෙසී සහ රොබන් නිහඬ කර තැබීමට ආරක්‍ෂකයෝ සමත්වූහ. නෙදර්ලන්තයේ නයිගල් ඩී ජොන්ග් මෙසීගේ සෙවනැල්ල සේ ඔහු ආවරණය කලේය. මාර්ටින් ඩෙමිචෙලිස් හා ගැරේ ආජන්ටීනාවේ ගෝල කලාපය ආරක්‍ෂා කලේ රොබන් හා වෑන් පර්සිට අවදානම් කලාපයට බෝලය ගෙන ඒම වලක්වමිනි.
තරඟයේ අඩු වේගයකින් ගලාගිය අතර ආජන්ටීනාව ගැඹුරට වී ගෝලය ආරක්‍ෂා කරමින් මෙසීට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට බෝලය ලබාදුන්හ. නෙදර්ලන්තය මැදින් ප්‍රහාර එල්ල කරනවාට වඩා උත්සාහ කලේ පැති හා හරස් ප්‍රහාරවලින් ගෝල කලාපයට ලබාදී හිස් පහරකින් ගෝලයක් ලබාගැනීමටය. ආජන්ටීනාවේ ආරක්‍ෂකයෝ ඊට ඉඩ නොතැබුවේ නෙදර්ලන්ත ක්‍රීඩකයින් ඕෆ්සයිඩ් කිරීම හා හිස් පහරවල් වලිනි.
ව්ලාර් නෙදර්ලන්ත භාගයේ මැද ආරක්‍ෂා කිරීම ආජන්ටීනාවට ගෝලයක් ලබාගැනීම අපහසු කලේය. අවසාන මොහොතේ ආජන් රොබන්ට ගෝලයක් මගහැරුණේ බාසිලෝනාවේ ජාවියර් මෂරානි එය ඉතා දක්‍ෂ ලිස්සන පහරකින් වලකාලීමෙනි.
කණ්ඩායම් දෙකේම කැපී පෙනුනූ ක්‍රීඩකයෝ
ජයග්‍රාහී ආජන්ටීනාව ඉරිදා ජර්මනිය සමග අවසාන තරඟයේ යෙදේ. නෙදර්ලන්තය සෙනසුරාදා බ්‍රසීලය සමග 3වන ස්ථානයට තරඟ වදී. #srilankafootballfan
No comments:
Post a Comment