බෙල්ජියම තරඟයේදී තවත් ක්‍රීඩකයකුට බොලය නොදැමීමට ආරක්‍ෂකයින් හයක් වටකර දැමූ වලල්ල තුලින් හියුගන්ට ගෝලයක් ලබාගැනීමට දැමූ බෝලය සුපිරි වේ. නෙදර්ලන්ත තරඟයේදෛ නයිගල් ඩි ජොං ගේ විලංගුවට අසුවූ ගෝලයක් ලබාගැනීමට නොහැකි වූ මෙසීගේ නිමේෂය උදාවූයේ අමතර කාලයට පසු දඬුවම් පහරින්! රොන් ව්ලාර්ට වැරදුනු පහරට පසු මෙසී දර්ශනීය ප්‍රහාරයකින් ආජන්ටීනාව 1-0 ලෙස ඉදිරියට ගෙන ආවේය!
මේ දැන් මෙසී එදිරි ක්‍රීඩකයන් මඟ හරවා වැලකිය නොහැකි ප්‍රහාරයකින් ගෝලයක් ලබාගනු ඇතයි ! එසේ නැතිනම් මෙසී දුර්වලයි! චලනය, සුවතාවය මදි කියා කියන අයත් ඇත. මැරඩෝනා මෙන් ක්‍රීඩකයන් 5ක් පසුකර 1986 ලෝක කුසලානයේ මෙන් ගෝලයක් මෙසී ලබා ගනු ඇතැයි බලාපොරොත්තු වන අයත් ඇත
.
හෙට එලඹෙන්නේද මෙසීගේ නිමේෂයකි! ඔහුගේ නායකත්වය යටතේ ආජන්ටීනාව ලෝක කුසලානය දිනා ගතහොත්, ලෝකයේ දක්‍ෂතම ක්‍රීඩකයා කවුද යන තර්කය නිසැකවම අවසාන වනු ඇත.
No comments:
Post a Comment