Wednesday, July 16, 2014

බ්‍රසීලය නොදුටු ෆිලිපේ ලුවිස් චෙල්සි ගනී - ඩේවිඩ් ලුවිස් යයි!


ඇත්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමට ස්පාඤ්ඤ ලීගය දිනා ගැනීමට බ්‍රසීලයේ ෆිලිපේ ලුවිස් පසු පෙල හා වම් තීරුවේ ක්‍රීඩා කල ආකාරය ඇත්ලටිකෝ මැඩ්රිඩ් ක්‍රීඩා තරඟ බලන අය දනී.  බ්‍රසීල කණ්ඩායම තොරද්දී ස්කොලාරිට නොපෙනුන පිලිප් ලුවිස්, චෙල්සි පුහුණුකරු ජෝසේ මොරේනියෝ දැක්කා. පවුම් මිලියන 20කට  පිලිප් ලුවිස් චෙල්සි කණ්ඩායමට අරන් දැන්! ඇත්ලටිකෝ මැඩ්රිඩ් ප්‍රහාරක දියාගෝ සිල්වාත් ජෝසේ මොරේනියෝ ගත්තා.















චෙල්සි ක්‍රීඩාකල දියාගෝ සිල්වා ප්‍රංශයේ පවුම් මිලියන 50කට PSG යවලා තමා පිලිප් ලුවිස් ගත්තේ. බ්‍රසීලයට හොඳ කණේ පහරක් වගේ ජෝසේ මොරේනියෝ දුන්නේ ලුවිස් දීලා පිලිප් අරගන.

මේ අනුව ඔහු බ්‍රසීලයේ මැදපෙළ ඔස්කා සමග එකතු වෙනවා! 
චෙල්සි කණ්ඩායම එංගලන්තයේ උනාට, පුහුණුකරු ජෝසේ මොරේනියෝ පෘතුගීසි! ඔහුගේ ප්‍රධාන කණ්ඩායමේ ප්‍රහාරකයන් ස්පාඤ්ඤ හා ජර්මන්! මැදපෙල බ්‍රසීල හා බෙල්ජියම! පසුපෙල ඉංග්‍රීසි හා බ්‍රසීල! එංගන්තයෙන් ජෝන් ටෙරී, ෆ්‍රෑන්ක් ලැම්පාඩ් සහ ගැරී කාහිල් පසුපෙල!


චෙල්සි කණ්ඩායමේ ලෝක කුසලානයේ කැපී පෙනුණු ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරනවා! මේ වර ඔවුන්ගේ නියම තරඟය තිබෙන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් එක්ක! නෙදර්ලන්ත පුහුණුකරු ලුවිස් වැන් ගාල් හා ජෝසේ මොරේනියෝගේ තරඟය ලොකුවටම තියේවි!

No comments: