Friday, July 11, 2014

ජර්මනියේ ආජන්ටීනාවට එරෙහි උපක්‍රම #3

ජන්ටීනාව තරඟාවලියේ මුල සිටම ක්‍රියාත්මක වූයේ ආරක්‍ෂාකාරී විදියට. ගෝල ලබාගැනීමට වඩා ගෝල ලබා නොදීමට ඔවුන් ක්‍රියා කලේ! ඒ කාරියේදි ආජන්ටීනාවේ මැදි පිටියේ ක්‍රීඩක ජාවියර් මෂරානෝ රොබන් එක්ක හෙවනැල්ලක් වගේ හිටියා!

නෙදර්ලන්තයේ ආජන් රොබන්ගේ අවසාන මොහොතේ ගෝලය වලකා ලූ ඔහු ආජන්ටීනාව අවසාන තරඟයට ගෙන ආවා!

මෂරානෝ නෙදර්ලන්ත තරඟයේදී හිස තදින් වැදී ඇද වැටුනා! 
ඔහු නැවතත් නැගිටලා ක්‍රීඩා කලා! ජර්මන් තරඟයේදී මුලර්ව ආවරණය කිරීම ඔහුගේ කාරිය වේවි!  ජාවියර් මෂරානෝ මෙසීට බෝලය ලබාදීම නැවතීම සහ ප්‍රහාරක කලාපයේදී ඔහු මග හැරීම ජර්මනියට තියන ගැටළුවක්!





නෙදර්ලන්ත තරඟයේදී දඬුවම් පහර ගැන ආජන්ටීනාවේ විශ්වාසය ! එහෙත් ජර්මන් තරඟයේදී ඔවුනට හමුවන ගෝල රකින්නා නුවර්! 2014 ලෝක කුසලානයේ අති දක්‍ෂයා! 



එමනිසා ජර්මන් තරඟයේදී ආජන්ටීනාව තම තරඟ ක්‍රමය වෙනස් කරයි! නෙදර්ලන්ත තරඟයකට වඩා වැඩි ලයකින් හා වේගයකින් ආජන්ටීනාව තරඟ කරයි. දඬුවම් පහර වලට නොයා තරඟය දිනා ගැනීම ආජන්ටීනාවේ අරමුණයි!

එහිදී බාසිලෝනාවේ මෙසී, මෂරානෝ සහ ගොන්සාලෝ හිගුවයින් සම්බන්ධතා අවහිර කිරීම ජරමනියේ උපක්‍රමයක්! මෙසී ලඟ හෙවනැල්ලක් මෙන් ඉන්න ක්‍රීඩකයකු යොදවාවි!



ඔහු රියල් මැඩ්රිඩ් බාසිලෝනා තරඟ වලදී මෙසී , මෂරානෝ නැවැත්වීම කල ජර්මනයේ කදීරා මේ සඳහා යොදා ගනීවි!

No comments: