ඊට පෙර ස්පාඤ්ඤයේ තිබුණු 2010 ලෝක කුසලානය බ්‍රසීලය පැරදුනේ අවසාන පූර්ව වටයේදී. ඒ කණ්ඩායම පුහුණුකරු ස්කොලරි නෙමේ.
ස්කොලාරි කැඳවූයේ ඔහු 2002 ලෝක කුසලානය ලබාදුන් නිසයි!
ස්කොලාරි කැඳවූයේ වයස 17 පටන් ජාතික කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ගෙන්!
නේමා, මාර්සෙලෝ හා අල්විස් ස්පාඤ්ඤයෙන්! ඔස්කා, ඩාන්ටේ හා ලුවිස් එංගලන්තයෙන්!
සිල්වා ප්‍රංශයෙන්! විලියන් ජර්මනියෙන්, හලක් රුසියාවෙන්, සෙසාරෝ කැනඩාවෙන්, ගස්ටාව්, මයිකොන් ඇතුලු 22ක් පිට රටින්!! ෆ්‍රෙඩ් විතරක් බ්‍රසීලයෙන්!

ස්කොලාරි හැදුවේ ජාත්‍යන්තර කණ්ඩායමක්!
වැඩියෙන්ම මිල සහිත තරු රෑනක්!

දැනට බ්‍රසීලයේ ක්‍රීඩා කරන රොනල්ඩීනියෝ කණ්ඩායමට එකතු කර නොගැනිණි. කකා, ලුවිස් පිලිපේ, හෙන්රික් හා කොටීනියෝ කැපිණි.
බ්‍රසීලයේ සමාජ වල දස්කම් පෙන්වූ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායම තේරීමේදී සාධාරණ අවස්ථාවන් නොලැබුණි. පොහොසත් ක්‍රීඩකයන් ඉදිරියේ ඔවුන් ස්කොලාරිට නොපෙනිණි.
එංගලන්ත ලීගය, යුරොපා ලීගය, ජර්මන් ලීගය, ස්පාඤ්ඤ ලීග හා ප්‍රංශ ලීගය අවසාන වූයේ ලෝක කුසලානයට සති තුණක් කලින්!
ලෝක කුසලාන පුහුණුවට සති තුනයි!
පාපන්දු කණ්ඩායමකට වඩා තරු රෑනක් !
කණ්ඩායමට සමාජ හා මාධ්‍ය වැඩ වැඩියි!
ස්කොලාරි බ්‍රසීලයේ හොඳම කණ්ඩායම ලෝක කුසලානයට ඉදිරිපත් කළාද යන්න මතබේදාත්මකයි!
නේමාගේ කළමණාකරු වැගිනර් රිබෙයිරෝ ස්කොලාරිගේ අසාර්ථක කළමණාකරණය, උද්දච්චභාවය, වගකීම් පැහැර හැරීම සහ නොසැලකිල්ල ජර්මන් තරඟ පරාජයට පසු ප්‍රසිද්ධියේ දොස් පැවරීය.
1 comment:
නමුත් Confederations Cup එකට සෙල්ලම් කලෙත් ඔය කණ්ඩායමමයි ස්පාඤ්ඤය පරාජය කලේ 3-0 කට
Post a Comment